WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජාංගන හිමිගේ ගිණුම් තුනක කෝටි 6ක්

2023 June 08- Page Views : 26

ආගමික සහජීවනයට සහ ජාතික සංහිඳියාවට බාධා ව න ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් තුනක රුපියල් කෝටි 6කට අධික මුදලක් තැන්පත්ව තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ ඊයේ (07) කරුණු වාර්තා කරමින් සදහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම හිමිනම සම්බන්ධයෙන් අධිකරණ නියෝග ප්‍රකාරව බැංකු ගිණුම් 12ක් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් තුනක වාර්තා ලැබී තිබූ බවත්ය.

මෙම හිමිනම මින් ඉහතදී සිදුකර ඇති ප්‍රකාශ හේතුවෙන් ජනතාව අතර අසමගියක් සිදුව ඇති බවටත් ඒ නිසාම ඇතැම් ප්‍රදේශ උන්වහන්සේට තහනම් කලාප කර ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.