බ්‍රිතාන්‍ය විනිසුරුවරියක වූ වෛද්‍ය නිරූපිකා අයේෂා
2023 June 08- Page Views : 26 ශ්‍රී ලංකා සම්භවයක් සහිත නීතිඥවරියක වන 34 හැවිරිදි අයේෂා ස්මාර්ට් මහත්මියට එක්සත් රාජධානියේ ක්‍රවුන් අධිකරණයේ විනිසුරු පදවියක් හිමිව ඇත.
අයේෂා මහත්මිය නීතිඥවරියක මෙන්ම වෘත්තියෙන් වෛද්‍යවරියක ද වේ.
එපමණක් නොව ඇය නිරූපිකාවක ලෙසද කටයුතු කරන්නියකි.
ක්‍රවුන් අධිකරණයට පත්වූ සුදු ජාතික නොවන ළාබාලතම කාන්තාව ද ඇයය.
එක්සත් රාජධානියේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් වන අභියාචනා ක්‍රවුන් අධිකරණයේ විභාග කරනු ලබයි.
ක්‍රවුන් අධිකරණයේ විනිසුරු ධුරය ලබා ගැනීමට ප්‍රථම විභාග දෙකකින් සමත් වීම අත්‍යවශ්‍ය කරුණකි. විභාග දෙකකින් සමත්වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර අවසානයේ රජතුමාගේ හෝ රැජිනගේ අනුමැතිය ලබාගැනීම ද අත්‍යවශ්‍ය වේ.
අයේෂා මහත්මිය 2014 වසරේ නිඩර් ඬේල් ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇත.