WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මංකි පොක්ස් ලංකාවට ඇවිත්

2023 June 08- Page Views : 26

මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණ ශ්‍රී ලාංකික රෝගීන් දෙදෙනකු ඊයේ (07) හමුවූ බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසීය.

විසිපස් හැවිරිදි කාන්තාවක සහ ඇයගේ බිලිඳියට වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කරගත් අතර ඔවුන් අංගොඩ අයි.ඩී. එච්. රෝහලේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන් කළේය.

ඔවුන් දෙදෙනාම විදේශ රටක සිට මෑතකදී මෙරටට පැමිණි අය යැයිද ඔවුන් උණ රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ රෝහලකට පැමිණි පසුව වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කර ගත්තේ යැයි ද වෛද්‍ය ගිණිගේ මහතා කීවේය. මෙම රෝගීන්ගේ නිවසේ වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකු ද වාසය කරන අතර ඔවුන්ද නිරෝධායනයට යොමුකර ඇතැයි හෙතෙම පැවසීය.

වඳුරු උණ රෝගය වැළඳුණු රෝගීන්ගේ තත්ත්වය අයහපත් නොවන අතර ඔවුන්ගෙන් රෝගය බෝවීම හෝ පැතිරයාම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගෙන ඇතැයිද වෛද්‍ය ගිණිගේ මහතා සඳහන් කළේය.

මෙරටින් වඳුරු රෝගය වැළඳුන රෝගියකු ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී හඳුනාගත් අතර ඔහු විදේශගතව සිට මෙරටට පැමිණි විසි හැවිරිදි තරුණයෙකි.