WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මල්ලි වෙනුවෙන් විභාගය ලියූ අයියා අත්අඩංගුවට

2023 June 09- Page Views : 8

සිය සොහොයුරා වෙනුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ දෙනියාය ප්‍රදේශයෙනි.

සැකකාර තරුණයා දෙනියාය පල්ලේගම මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයකදී සිය සොහොයුරා වෙනුවෙන් මෙලෙස විභාගයට පෙනී සිට තිබේ.

විභාග ශාලාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය එනසල්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දෙනියාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.