WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තැඹිලි හා කහදියර පොවමින් කළ ශාන්තිකර්මය අතරතුරදී රෝගී වූ කාන්තාවක මරුට

2023 June 18- Page Views : 5

ලග්ගල, දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයෙහි ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ සිදුවීමක් වාර්තාවේ.

පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) උදෑසන දක්වා මෙම ශාන්තිකර්මය සිදුකර ඇති අතර අසනීප තත්ත්වයෙන් පසුවූ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු සුවපත් කිරීම සඳහා පැවැත්වූ මෙම ශාන්ති කර්මයේදී මියගොස් ඇත්තේ 48 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

කපුවා වරින් වර මොවුන් තිදෙනාට තැඹිලි ගෙඩි 21ක බැඟින් පොවා තිබූ බවත් එසේ සිදුකරන අතරවාරයේ දී මෙම කාන්තාව හදිසි අසනීප තත්ත්වයට පත්ව ඇත.

කපුවා පවසා ඇත්තේ මෙම අසනීප ගතිය දෙවියන් ඇවිස්සී සිද්ධ වන බවත් සාමාන්‍ය බවත්ය.

අනතුරුව ප්‍රතිකර්මයක් ලෙස අසනීප වූ කාන්තාවට කහ දියරද බීමට සලස්වා ඇති බව වාර්තා විය.

ඉන්පසු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව දාස්ගිරිය රෝහල් වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසුව ඊයේ (17) මියගොස් තිබෙයි.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) දඹුල්ල රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

ශාන්ති කර්මය සිදුකරන ලද 25 හැවිරිදි කපුවා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.