WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නිවෙස් වලට බොරු කියා අතුරුදන්ව සිටි 15 සිසුවියන් දෙන්නා තරුණයෙකුගේ නිවසින් මතුවේ

2023 June 23- Page Views : 1187

ඉගිනියාගල, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බාලවයස්කාර ගැහැණු දරුවන් දෙදෙනකු අතුරුදන්බවට පැමිණිලි ලැබී පොලිසිය සොයමින් සිටි අතර දැරියන් දෙදෙන තරුණයෙකු සමග මීගහවත්ත අකුරු මුල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ඊයේ (22) සොයාගත් බට ඉඟිනියාගල පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව සිටියේ, ඉඟිනියාගල පදිංචි 15 වියැති සිසුවියන් දෙදෙනෙකි.

අතුරුදත්වූ එක් සිසුවියක පාසලට යන බව දෙමාපියන්ට පවසමිත් අනෙක් සිසුවියගේ නිවසට පැමිණ ඇති අතර, පසුව ඔවුන් නිවසින් පිටත්ව ඇත්තේ යන තැනක් නොකියාය.

මිතුරියන්ගෙන් පොලිසිය දැනගෙන ඇත්තේ දෙදෙනා රැකියාවක් සොයා කොළඹ ප්‍රදේශයට ගොස් ඇත්තේ පෙම්වතෙකු සමග බවය..

පසුව පෙම්වතා මේ දෙන්නාව මීගහවත්ත අකුරු මුල්ල ප්‍රදේශයේ ඔහුගේ මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

සිසුවියන් දෙදෙන පසුගියදා සිට අතුරුදන් වූ සිට ඇති බව නිවැසියන් පොලිසියට පැමිනිලි කර තිබුනේ පසුවයි.

එක් සිසුවියක ඇයගේ මිත්තණිය සමග ජීවත්ව ඇති අතර, ඇයගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාව නිතර වන බවත් හෙළිවී තිබේ.

අනෙක් සිසුවිය දෙමාපියන් සමග ජීවත් වන්නියකි.

දැරියත් දෙදනා වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා මොතරාගල රෝහලට ඇතුළත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයන් ඉගිනියාගල පොලිසිය පරික්ෂණ පවත්වයි.