WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රිය අනතුරින් මව-දියණිය මරුට

2023 August 22- Page Views : 1187

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී ඉයේ ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කළා ඔය පදිංචි ඩබ්ලිව් පී. සශිකා දුලානි වීරසිංහ 36, සහ කේ. තිසනි ප්‍රියංසා නැමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව පොලිසිය කියයි.

එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කල යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධව මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.