WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රීලන්කන් ගැන අද විශේෂ සාකච්ඡාවක්

2023 October 02- Page Views : 33

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

අද පෙරවරු 9.30ට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් එක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහිදි බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය දිනවල ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු වූ අතර ඇතැම් ගුවන් ගමන් වාරවල ප්‍රමාදයන් දිගින් දිගටම සිදුවුණි.