WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බඹර ප්‍රහාරයෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

2023 October 02- Page Views : 64

අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්‍රදේශයේ දී බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (01) උදෑසන පුද්ගලයින් දෙදෙනෙකුට බඹරු දෂ්ඨ කර ඇති අතර ඉන් එක් අයෙක් මියගොස් ඇති බවය.

අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා සුරියවැව රෝහලට ඇතුළත් කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 57 හැවිරිදි විහාරගල, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා තවත් අයෙක් සමග ආඩිගම වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඒ සඳහා බිලි පිත්තක් සාදා ගැනීමට වැව ආසන්නයේ කැලෑබඳ පෙදෙසට ගිය අවස්ථාවේ දී බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

පසුව මෙම පුද්ගලයින් දෙදෙනා අසල තිබු වාඩියකට දිව ගොස් ඇත.

එවිට වාඩියේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බඹරු දෂ්ඨ කර ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයාගේ සිරුර වාඩිය අසල තිබී හමුව ඇති අතර, බඹර ප්‍රහාරයට ලක්වූ අනෙක් පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.