පුදුමාකාර කෙනෙක් මගේ ජීවිතයට එනතුරු ඉන්නවා - දැන් ගෙදර ඉන්නෙ මා සහ බල්ලන් බළලුන් පමණි - ජැක්ලින්
2023 November 30- Page Views : 10
පසුගියදා සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව සඳහා ශ්‍රී ලාංකික සම්භවය සහිත බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබුණි. එහි මෙසේ සටහන් විය.
සෑම රංගන ශිල්පියෙකුටම ඔහුගේ හෝ ඇයගේ රංගනය පිළිබඳ වලංගුභාවයක් අවශ්‍ය වෙනවා.සුරූපී බව තිබ්බා කියලා රගපාන්න බෑ .
ජැක්ලින් ෆර්නැන්ඩස් රුව පමණක් උරුම නොවුණ කෙනෙක්. ඇගේ පැවැත්මට දක්ෂතාත් එකතු වෙනවා.
ඇය ප්‍රේම සම්බන්ධයට හෝ විවාහයට අකැමැති වුනාද කියන්න දන්නේ නැහැ.දන්නා එකම දේ මේ වන විටත් ඇය තනිකඩයි කියන එක.සමහරවෙලාවට ඒකට හේතුව ඇයට ස්වාධීනව ක්‍රියාකරන්නට ඇති අවශ්‍යතාවය වෙන්නත් පුළුවන්.
ඇය ආකර්ෂණීය කුමාරයෙකු එනතුරු බලා නොසිටින බවත් ඇයගේම 'මිස් චාමින්' ඇයම බවත් ඇය අපට පැවසුවා..
අපි ඇය වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළා.
ඔබේ Tell It Like A Woman චිත්‍රපටයට බොහෝ ඇගයීම් ලැබුණා. ඔබ මෙම ජාත්‍යන්තර චිත්‍රපටයට සම්බන්ධවීමට හේතුව කුමක්ද?
මම චිත්‍රපටය කළේ ලීනා යාදව් මට ළං වූ නිසයි. ඒ වගේම ඇය මට ඇත්තටම වැඩ කිරීමට අවශ්‍ය වූ චිත්‍රපට නිෂ්පාදකවරියක් වුනා.ඒ වගේම , මම ඇගේ සියලුම වැඩකටයුතුවලට කැමතියි.
අපි මේ ගමන ආරම්භ කළේ මේ කෙටි චිත්‍රපටිය කරන්න, ඒක මට මුල්ම අත්දැකීමක් වුණා. කතාව ඉතා රසවත් බව පෙනුනා , පිටපත මෙන්ම එය හොඳ ඉගෙනීමේ අත්දැකීමක් වනු ඇතැයි මම දැන සිටියා .
එය හොඳම ගීත කාණ්ඩය සඳහා වන ඔස්කාර් සම්මාන උළෙල දක්වා එය ගෙන එනු ඇතැයි මම නියත වශයෙන්ම බලාපොරොත්තු නොවුනත්,ඒක එහෙම වුනා.මට ඒක දැනෙන්නේ කේක් මත තියෙන අයිසිං තලියක් වගේ..