WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙවර OL ප්‍රථමයා මහාමායාවෙන් දෙවැනියා වෙම්බඩියෙන් තෙවැනියා රෝයල් එකෙන්

2023 December 01- Page Views : 1187

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වා තිබූ අතර මෙවර ප්‍රතිඵල වල දිස්ත්‍රික් හා දිවයිනේ ස්ථාන නම් කිරීමක් ප්‍රතිඵල ප්‍රකාශනයේ නිරූපණය කිරීමක් සිදුවූයේ නැත.

කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තු අභ්‍යන්තර දත්ත අනුව වැඩිම ලකුණු ලාබී සාමාන්‍ය පෙළ සිසුන් ගැන අද දින අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුව හමුවේ කරුනු පැහැදිලි කලේය.

ඒ අනුව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක වැඩිම ලකුනු ලබමින් A 9 ලබාගත් බවත් යාපනයේ වෙම්බඩි උසස් බාලිකාවේ සිසුවියක දෙවැනි තැනටද කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකු තෙවැනි තැනටද පත්වූ බවත් ඔහු හෙලි කලේය.

එසේම අධ්‍යාපන ඇමති කියා සිටියේ A 9 ලබාගත් සිසු සිසුවියන් 13588 ක් මෙවර සිටින බවයි.

විභාගයට පෙනී සිටි අයගෙන් සියයට 72 ක් පමණ එනම් සිසුන් 209761 ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති අතර සියයට 28 ක් විභාගය අසමත්ව ඇත.