"මට වේදනාව ඉවසන්න බැහැ.. ඒ නිසා මම ගෙදරින් යනවා, දරුවන් බලාගන්න.." කිරි කැටියන් දෙදෙනෙක්ට ජීවිතය දී දුන් ඇය දින නවයකින් සිදුවූ දේ මෙන්න...
2023 December 21- Page Views : 5 සමහර වෙලාවට අපට අහන්න දකින්න ලැබෙනවා..
දරුවෙනුගේ මූණ බලන්න අම්මා කෙනෙක් මොන තරම් නම් පෙරුම් පුරනවාද..?
ඒත් ඇය අවසානයේ මේ වගේ තීරණයක් අරගෙන...
සිය කුළුඳුල් නිවුන් දරුවන් බිහි කළ මවක් දින නවයකට පසුව ලිපියක් ලියා පසුගිය 19 වන දින නිවසින් පලා ගොස් තිබෙනවා..
මෙම කාන්තාව වයස අවුරුදු 29ක අහුන්ගල්ල ප්රදේශයේ පදිංචිකාරියක්..
මෙම දරු ප්රසුතිය සිදු කර ඇත්තේ ඔවුන් විවාහ වී වසර හයකට පමණ පසුව බවයි වාර්තා වන්නේ..
නිවුන් දරු ප්රසුතියේදී ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ඇයට දින කිහිපයක් රෝහලේ ප්රතිකාර ලැබීමට සිදු වී ඇති අතර ඇය නිවසට පැමිණ ඇත්තේ මිට දින කිහිපයකට පෙරයි...
පොලිසිය පවසන්නේ ඇය නිවසින් පිටව යන විට ජංගම දුරකථනය ඇතුළු වෙනත් බාහිර භාණ්ඩ කිසිවක් රැගෙන ගොස් නොමැති අතර දරු ප්රසුතිය සම්බන්ධයෙන් දුන් ඖෂධ පමණක් බවයි...
කෙසේ වෙතත් දින නවයක මෙම දරුවන් රැකබලා ගැනීම සහ ආහාර ලබා දීම දුෂ්කර කාර්යයක් වී ඇති බැවින් ඇය පිළිබඳව තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස පොලිසිය සඳහන් කලත් මේ වන විට ඇය මෙලොව අතහැර ගොස් හමාරය..
බලපිටිය මංකඩ වෙරළ තීරයේ තිබී ඊයේ (20) පස්වරුවේ කාන්තා මළසිරුරක් අහුංගල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අදාළ කාන්තාව පසුගිය 18 වැනිදා සිට අතුරුදන් ව ඇති බවට ඇගේ සැමියා විසින් අහුංගල්ල පොලීසියට පැමිණිලි කර ඇති අතර, මියගොස් ඇත්තේ, 29 හැවිරිදි අහුංගල්ල, ගල්වෙහෙර පදිංචි ව සිටි දෙදරු මවයි.
ඇය දින 9 කට පෙර සිසේරියන් සැත්කමකින් නිවුන් පිරිමි දරුවන් බිහි කර ඇති අතර, ඇය නිවසින් පලා යන විට ලියූ ලිපියක් ඇගේ නිවසේ තිබී හමු ව තිබේ. එම ලිපියෙහි සැත්කමේ වේදනාව දරාගත නොහැකි බවට පවසමින් ඒ නිසා මම ගෙදරින් යනවා දරුවන් දෙදෙනා රැකබලා ගන්න" යනුවෙන් ලිපියේ සඳහන්ව ඇති බවට වාර්ථා විය....