ජනපති හමුවෙන්න ආ කිල්මිෂා සෙල්ෆි ගහලා
2024 January 05- Page Views : 1187
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් දියණිය, සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව එය විය.
කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.
කිල්මීෂා උදයශීලන් දියණිය මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කරනු ලැබු අතර සෙල්ෆි ඡායාරූපද ලබාගත්තාය.