WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිහිදන්කොට තිබූ තරුණියගේ සිරුර ගොඩගෙන නිරුවත් කර දමලා

2024 January 08- Page Views : 1187

බණ්ඩාරවෙල මදුවැල්පතන බදුලුගස්තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය තරුණියකගේ මිහිදන් කළ සිරුර ගොඩගෙන නිරුවත් කර දමා ඇති බවට මියගිය තරුණියගේ පියා ඊයේ (07) පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇතැයි බණ්ඩාරවල මූලස්ථාන පොලීසිය පැවසීය.

රශ්මිකා නදීෂානි 25 නමැත්තියක මෙසේ මියගොස් තිබිණි.

මියගිය තරුණියගේ පියා දානමය පුණ්‍යකර්මය සිදුකිරීමට පෙර සොහොන පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී කිසිවෙකු හෝ කණ්ඩායමක් මෙම සිරුර ගොඩගෙන නිරුවත් කර තිබෙනු දැක පොලීසියට පැමිණිලි කර තිබේ.

බණ්ඩාරවල මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.