WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිත්තණිය සමග කැලණි ගඟේ දිය නාමින් සිටි දරුවා කිඹුලකු ඩැහැගෙන

2024 January 17- Page Views : 4

කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවත තොටුපළ දී කිඹුලෙක් දිය නාමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවකු ඇදගෙන ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ දුන් දරුවා තම මිත්තණිය සමඟ රෙදි සේදීමට සහ දිය නෑම සඳහා අදාල තොටුපළට පැමිණ ඇති බවත් මිත්තණිය රෙදි සෝදන අතරේදී දරුවා ඇයට මීටර් පහක් පමණ දුරින් කැළණි ගඟේ බැස සිටින අතරතු එක්වරම කිඹුලා දරුවා ඩැහැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචිව සිටි දිස්න පෙරේරා නමැති 10 හැවිරිදි පිරිමි දරුවෙකි. ශාන්ත මරියා විදුහලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේය.