WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බර අඩු කරගන්න කියාදෙමින් සිටි 35 හැවිරිදි කත හදිසි හෘදයාබාධයකින් මිය යයි

2024 January 18- Page Views : 4

බර අඩු කරගැනීමේ උපදේශනයන් ලබාදීම නිසා අන්තර්ජාලය තුළ ප්‍රකටවී සිටි බ්‍රසීල ජාතික කාන්තාවක් අඩු වයසින් හදිසියේ මියයාම සම්බන්ධ ආන්දෝලනාත්මක තත්වයක් වාර්තාවේ.

මෑතකදී විවාහ වූ බව කියන මෙම බර අඩු කරගැනිමේ උපදේශිකාවක සැක සහිත ලෙස හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට 35 වියෙහි පසු වූ ඇය මිලා ඩී ජීසස් නම් විය.

ඇය මීට වසර හයකට පෙර සිට යූ ටියුබ් සහ ඉන්ස්ටග්‍රෑම් හි විශාල ලෙස බර අඩු කර ගැනීම පිළිබඳ විස්තර කරමින් ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

ඇය මීට මාස හතරකට පෙර විවාහ වී බොස්ටන් වෙත පදිංචියට ගොස් සිට තිබූ අතර සඳුදා සමාජ මාධ්‍ය සටහනක් මගින් පවුලේ සාමාජිකයෙක් ඇයගේ මරණය නිවේදනය කර තිබුණි.