WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෙලිඅත්තේ වෙඩිතැබීමෙන් අපේ ජන බල පක්ෂයේ නායකයා ඇතුළු 5 ක් මරුට

2024 January 22- Page Views : 69

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ. වෙඩිතැබීමෙන් මියගිය පස් දෙනා අතර අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ.

අපේ ජන බල පක්ෂයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවූ අතර ඊට පත්වුණේ අතුරලියේ රතන හිමියන් ය. බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි මැතිවරණයට තරග වැදුණේ ද අපේ ජන බල පක්ෂයෙනි.