කොත්මලා ඔය හරහා අතුරේ යන ගැමියෝ
2024 March 11- Page Views : 4 දැඩි ජීවිත අවදානම් මැද තම දරුවන් සමග අබලන් වැල් පාළමෙන් වසර ගණනාවක් සිට විවිධ අනතුරුවලට ලක් වෙමින් ගමන් කරන ජනතාව කෙරෙහි බලධාරීන් කිසිදු අවදානයක් යොමු නොකරන බවට කොත්මලේ, හරංගල හා නායපාන ප්‍රදේශවල ජනතාව පවසති.
කොත්මලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් කොත්මලේ, හරංගල හා නායපාන යන ගම්මාන යා කෙරෙන කොත්මලා ඔය හරහා පිහිටි අඩි 350 ක් පමණ දිගින් යුත් ඔරුතොටවත්ත වැල් පාළමේ ලෑලි දිරා ගොස් කම්බි කැඩී අබලන් තත්වයෙන්, දැඩි අවදානම්ව පවතී.
වසර ගණනාවක් ඉක්ම ගොස් ඇතත් කිසිදු වගකිවයුතු බලධාරයෙක් මේ දක්වා පාළම පිළිසකර කර දීමට පියවර ගෙන නොමැති ප්‍රෙද්ශවාසීහු කියති.
කොත්මලේ-නාවලපිටිය ප්‍රධාන මාර්ගවලට පිවිසීමට පවුල් 400 ක පමණ හරංගල ගම්මානයේ ජනතාව පාසල් දරුවන් සමග භාවිතා කරන ප්‍රධාන හා කෙටිම මාර්ගය මෙයයි.
ප්‍රදේශයේ රෝගී ජනතාව, වැඩිහිටියන්, උපකාරක පන්ති සඳහා යන ළමයින් මෙන්ම තේ හා වෙනත් බව බෝග වගා කරන ගොවීන් තම ළුළදාව අලෙවි කිරීම සඳහා වෙළඳපොළ වෙත ගමන් කරන්නේද ජීවිතයත් මරණයත් තීන්දු කරන මෙම ඔරුතොටයාවත්ත අවදානම් සංඟිලි පාළම මතිනි.
විකල්ප මාර්ගයක් ලෙස කොත්මලේ ජලාශ වේල්ල මතින් වැටී ඇති මාර්ගය තිබුණද එම මාර්ගය විවෘතව පවතින්නේ සෑම දිනකම පෙ.ව. 06.00 - ප.ව. 06.00 දක්වා පමණි.
රාත්‍රී කාලයේ ආරක්ෂක හොතූන් මත මාර්ගය වසා දමන බව පවසන ජනතාව, එම මාර්ගයේ කිලෝ මීටර් 03 ක් පමණ ගමන් කිරීමට සිදුව ඇති බව පවසති.
අළුයම 03.00 සිට උපකාරක පන්ති හා දුර බැහැර ගමන් කරන ළමයින් ඇතුළු මගී ජනතාවට ගමන් කිරීමට.
ඇති එකම මාර්ගය වන්නේද මෙම පාළම් මාර්ගයයි.
කොත්මලා ඔයේ වැසි කාලවල විශාල ජල කඳක් ගලා බසින බවත්, මෙම අබලන් පාළම පිහිටි ස්ථානයේ ඔය ගැඹුරු තැනක් වීම නිසාත් පසුගිය කාලවල අවස්ථා කීපයකදී පුද්ගලයින් කීප දෙනෙක් පාළමෙන් ඇදවැටී අසාධ්‍ය තත්වයෙන් දිවි බේරාගත් අවස්ථා ඇති බවත් ජනතාව පෙන්වා දෙති.
ජීවිත අවදානමක ඇති මෙම අබලන් පාළම වෙනුවට නව පාළමක් ඉදිකර දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.