ඉන්දියාවේ දැවැන්ත පාලමක් කඩාවැටෙයි
2024 April 23- Page Views : 13 සුළඟකට හසුවූ දැවැන්ත පාලමක් කඩාවැටී ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තාවෙයි.
මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයෙනි.
මෙලෙස කඩාවැටී ඇත්තේ ඉදිකරමින් පැවති පාලමක කොටසකි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අධික සුළං තත්ත්වය සමග පාලමේ අඩි 100ක පමණ කොටසක් කඩා වැටී ඇති බවය.
එම පාලම කඩාවැටීමට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් මංගල උත්සවයක පුද්ගලයින් 65 දෙනෙකු රැගත් බස් රථයක් ද ගමන්කර ඇත.
කෙසේ වෙතත් මෙම අනතුරින් ඔවුන්ට කිසිදු අනතුරක් නොවීම විශේෂත්වයකි.
සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.