WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදුලි බිල අඩුවන හැටි ජූලි 15 කියයි

2024 June 18- Page Views : 36

මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපි මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කරනු ඇත.