පෙරහර බලන්න ආ කතුන් දෙදෙනකුට සුද්දයක් දීලා
2024 July 10- Page Views : 217
මඩකලපුව සිට කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවන් දෙදෙනකුට කතරගම පූජා භූමියේ පිහිටි මුස්ලිම් පල්ලියේදී නාඳුනන පුද්ගලයකු කෝපි කෝප්පයක් පානය කිරීමටදී නින්ද යාමෙන් පසු මුදල් රන්බඩු පැහැර ගෙන ගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.
අදාළ කාන්තාවන් දෙදෙනා සිහි මඳ ගතිය, ක්ලාන්තය, වමනය හට ගැනීම නිසා කතරගම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මූලික ප්‍රතිකාර ලබාදී දෙබරවැව මූලික රෝහල වෙත යවා ඇති බව කතරගම රෝහලේ වෛද්‍යවරු පවසති.
මෙම කාන්තාවන් දෙදෙනා කෝපි පානය කිරීමෙන් අනතුරුව තද නින්දට වැටීමත් සමග කෝපි ලබා දුන් පුද්ගලයා කාන්තාවන් පැළඳ සිටි කරාබු, මුදල් රුපියල් 7500 ක්, දුරකථනයක් රැගෙන ගොස් ඇති බවට කතරගම පොලිසියට ප්‍රකාශ කොට ඇත.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පාfතිමා බෙිබි සහ එම ලිපිනයේ පදිංචි 60 හැවිරිදි බෙිබි නැමැති කාන්තාවන් දෙදෙනෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලියේ භාරකරු අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.