ගැටුමකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට
2024 October 02- Page Views : 219
මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර අති වු ගැටුමකින් තරුණයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ පොලුවලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.
ඝාතනයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
ඝාතනයට අදාලව මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු යකඩ ඉන්නක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ තියුණු ආයුධ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අනෙක් සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.