WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු කොරියාවට නව ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කෙරේ

2024 December 05- Page Views : 4

දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යොල් විසින් එරට නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සෞදි අරාබියේ දකුණු කොරියානු තානාපති ලෙස කටයුතු කළ චෝයි බ්යන්ග් හියුක් පත් කර තිබෙනවා.

ඒ එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කිම් යොන්ග් හයන්ගේ ඉල්ලා අස් වීමෙන් පසුවයි.

දකුණු කොරියාවේ ජනාධිපතිවරයා එරටට හදිසි යුද නීතිය පැනවීමට ගත් තීරණයත් සමග ආරක්ෂක අමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.

එමෙන්ම, එරට විරුද්ධ පක්ෂ 06ක් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.