WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිරියාවේ පාලනය කැරළිකරුවන්ට ලබාදීමට අගමැති එකග වෙයි

2024 December 10- Page Views : 5

සිරියාවේ පාලන බලය කැරලිකරුවන් වෙතට ලබාදීමට සිරියානු අගමැති තීරණය කර තිබෙනවා.

පසුගිය 08වනදා, 54 වසරක සිරියාවේ අසාද් පාලනය බිඳ දමමින් හයාත් තරීර් අල් ෂාම් හෙවත් එච්.ටී.එස්. කැරලිකරුවන් ඩැමැස්කස් අගනුවර යටත් කර ගැනීමෙන් අනතුරුව එරට ජනපති බෂාර් අල් - අසාද් පළා ගොස් තිබුණා.

ඔහු මේවන විට සිය පවුලේ සමාජිකයින් සමග රුසියාවේ මොස්කව් අගනුවර සිටින අතර, රුසියානු ජනපති වැලැදිමීර් පුටින් විසින් ඔහුට රුසියාවේ සරණාගතභාවය පිරිනමා ඇති බවයි ක්‍රෙම්ලිනය නිල වශයෙන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් සිරියාවේ පාලනය කැරලිකරුවන් අතට ලබා දීමට තවත් දින කිහිපයක් ගත විය හැකි බව සිරියානු අගමැතිවරයා එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.