WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක් ඝාතනය කෙරේ

2024 December 17- Page Views : 5

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ඉන් මියගිය එක් අයෙක් රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගො කිරිලොෆ් බවයි.

මොහු රසායනික අවි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බව ද මාධ්‍ය වාර්තා කරයි.