WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තුන්වන සමාලෝචනය ගැන අනුමැතිය IMF විධායක මණ්ඩලයට

2024 December 20- Page Views : 5

ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය සදහා වන අනුමැතිය ඉදිරි මාසවලදී පැවැත්වෙන විධායක මණ්ඩල රැස්වීමේ දී ගැනීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජුලි කොසැක් ප්‍රකාශ කළා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය සදහන් කළේ, සමාලෝචනය සම්බන්ධයෙන් වන පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් පසු විධායක මණ්ඩලය විසින් සම්පූර්ණ තක්සේරුවක් සිදු කරනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල යටතේ එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක මුදලක් හිමිවූ අතර, දෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක් හිමි වුණා.

තුන්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දීමටයි ජාත්‍යන්තර අරමුදල විසින් අනුමැතිය ලබා දෙනු ලැබුවේ.