WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පැනමා ඇල සුදුසු විදියට කළමනාකරණය කරනවා

2024 December 23- Page Views : 4

මධ්‍යම ඇමෙරිකානු රටක් වන පැනමාව තමාට පිළිගත හැකි ආකාරයකට පැනමා ඇළ කළමනාකරණය නොකරන්නේ නම් නැවතත් පැනමා ඇළ ඇමෙරිකාවට බාරදිය යුතු බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළේය.

පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් පැනමාව පිළිගත නොහැකි අධික ගාස්තුවක් අය කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය. ඇමෙරිකාව පැනමාවට දක්වා තිබෙන විශේෂ සැලකිල්ල අමතක කරන පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් පැනමාව අය කරන ගාස්තුව හාස්‍යජනක බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් පැවැසුවේය.

එලෙස අධික ගාස්තුවක් අය කිරීම ඇමෙරිකාව සූරා කෑමක් බවත් එය වහාම නැවැත්විය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. පැනමා ඇළ වැරදි පුද්ගලයන්ගේ අතට පත් නොවිය යුතු බව ඔහු අනතුරු ඇඟවූවේය. පැනමා ඇළේ කළමනාකරණය චීනය අතට පත්නොවිය යුතු බවද ඔහු පැවැසුවේය.

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම පැනමා ජනාධිපති ජොසේ රාඋල් මුලීනෝ ප්‍රතික්ෂේප කළ අතර පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් එලෙස අසාධාරණ ගාස්තුවක් අය නොකරන බවත් පැනමාවේ ස්වෛරීභාවය නැවත සාකච්ඡා කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. පැනමා ඇළ සහ එහි යාබද කලාපවල සෑම වර්ග මීටරයක්ම පැනමාවේ කොටසක් බවත් එය එලෙසම ඒ අකාරයෙන් පවතිනු ඇති බවත් පැනමා ජනාධිපති පැවැසුවේය.

පැනමා ඇළ යනු සමුද්‍ර වෙළඳාම කෘතීමව තැනු පැනමාවේ කිලෝමීටර් 82 ක ජල මාර්ගයක් වන අතර එය අත්ලාන්තික් සාගරය පැසිෆික් සාගරය සමඟ සම්බන්ධ කරයි.