WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අසර්බයිජාන යානයේ කලු පෙට්ටිය සොයාගනී - 38 කගේ මළ සිරුරුත් හමුවේ

2024 December 26- Page Views : 4

අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරමින් තිබියදී කසකස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් යානයේ, කලු‍ පෙට්ටිය සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඊයේ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගිය අතර තවත් පිරිසක් දිවි ගලවා ගෙන තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 67 දෙනෙකු ගමන් කර ඇති අතර, දිවි බේරාගත් අය අතරට කුඩා ළමුන් දෙදෙනෙකු ද අයත්.

යානය ගමන් කිරිමේදී අධික මිදුම් තත්ත්වයක් පැවැති අතර රුසියාවේ ග්රොස්නි ප්‍රදේශය වෙතට නාදුනන ඩ්‍රොන් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් නියමුවා විකල්ප ගුවන් තොටුපළක් වෙත යානය ගොඩබෑමට අවසර ඉල්ලා තිබෙනවා. ඒ අනුව බටහිර කසකස්තානයේ අක්තාවු ගුවන් තොටුපළ වෙත ගමන් කරද්දී කුරුළු රංචුවක් ගැටීමත් සමග ගුවන්තොටුපළට කිලෝමීටර් 3 ක් ආසන්නයේදී යානය කඩා වැටී ඇති බවයි එරට නිලධාරීන් සැක පළ කරන්නේ.

කෙසේවෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.