WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 24ක් සංවර්ධනයට

2025 March 04- Page Views : 1188

ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි විසි හතරක්  සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

  ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත සමාගම විසින් චීන වරායේ තෙල් ටැංකි අංගනයෙහි හිමිකාරීත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා වන ගිවිසුමකට 2022-01-06 දින අත්සන් තබා ඇත.

  එම ගිවිසුමේ විධිවිධාන පරිදි ත්‍රිකුණාමල ඉහළ ටැංකි අංගනයේ ඇති ටැංකි විසි හතරක් (24) ගිවිසුම ආරම්භ වන දිනයේ සිට වසර 50ක කාලයක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත බදු පදනම මත ලැබී ඇත. 

එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03 ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු මූලික ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබ ඇත.

  එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතින් මේ වන විට ලබා ගෙන තිබේ. ඒ අනුව, මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ අරමුදල් මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.