උතුරු කොරියාවේ සහාය රුසියාවට
2025 April 28- Page Views : 30 යුක්‍රේනය සමග පවතින යුද ගැටුම් වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නියෝගයකට අනුව එම හමුදා කණ්ඩායම් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියානු හමුදාවන්ට සහය වීම සඳහා උතුරු කොරියාව හමුදා කණ්ඩායම් යවා ඇති බවට ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
උතුරු කොරියානු සොල්දාදුවන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිටි යුක්‍රේනය රුසියානු යුද ගැටුම් සඳහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.