WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ

2025 April 29- Page Views : 1187

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වසර සඳහා නිකුත් කර ඇති හැදුන්ම්පත සහිත මාධ්‍යවේදින්ට පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වඩාත් විධිමත් ආකාරයෙන් කැබිනට් මාධ්‍ය හමුව පවතාවාගෙන යාමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ   පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමටත්  කැබිනට් පත්‍රිකා මත පදනම් වූ ප්‍රශ්න  සහ අත්‍යවශ්‍ය ප්‍රශ්ණ කිහිපයක් සඳහා පමණක් පිළිතුරු දීමට පමනක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස තමන් මාධ්‍ය හමුව සඳහා පැමිණි බවත් ජයතිස්ස මහතා කීවේය.