WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන හොයන්න විමර්ශනයක්

2025 April 30- Page Views : 1187

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදු කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

"අද දෙරණ" අධිකරණ වාර්තාකරු සඳහන් කළේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ බවය.

නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීම අවස්ථාව ලබා දී ඇති බව සඳහන්ය.

ඒ මඟින් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් සිදුකළේ යැයි අදාළ පැමිණිල්ල තුළින් කරුණු අනාවරණය කර ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනවලට අවශ්‍ය නියෝග පොලීසිය විසින් ලබාගෙන තිබෙන බව වාර්තා වෙයි.