කේරළ ගංජා කිලෝ 322ක් උතුරු මුහුදේදී කොටුවෙයි
2025 April 30- Page Views : 1187
කන්කසන්තුරේ මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඩින්ගි බෝට්ටු දෙකක් පරික්ෂා කිරීමේ දී කේරල ගංජා උර 8 ක තිබී පාර්සල් 147 ක් සොයා ගැනීමට හැකිවූ බවය.
සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 322 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබේ.
සැකකරුවන් 22, 39 හා 49 යන වයස් සීමාවල පසුවන සක්කෝට්ටේ සහ ඇන්ටනීපුරම් යන ප්‍ර දේශවල පදිංචි කරුවන් බව පොලීසිය පැවසීය.