අත්අඩංගුවට ගත් අපේක්ෂකයින් ගණන 33 දක්වා ඉහළට
2025 April 30- Page Views : 1187
මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට මැතිවරණ අපේක්ෂකයින් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, පසුගිය මාර්තු 3 වන දින සිට අද (30) උදෑසන දක්වා වූ කාලය තුළ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.
මේ අතර, අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් ද 349 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
මේ අතර, ඊයේ දිනට මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 3ක් වාර්තා වී ඇති අතර, ඉහත කාලය තුළ පැමිණිලි 89ක් වාර්තා වී ඇත.
මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව වාහන 32ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.