WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවක් දෙදෙනෙක් රෝහලට

2025 April 30- Page Views : 1187

හපුතලේ - වැලිමඩ මාර්ගයේ අශෝකාරමය විහාරස්ථානය අසලදී සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පැති බැම්මක ගැටී ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති බව වාර්තාකරු පැවසීය.

අනතුරින් තුවාල ලැබූ විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනා දියතලාව මුලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

මෙසේ රෝහල්ගතකර ඇත්තේ 80 හැවිරිදි LEINDEKAR MICHELE සහ 76 හැවිරිදි KEAVENEY MARIA DEL CARMEN යන ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකි.