WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෙකුට ඇප

2025 April 30- Page Views : 1187

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී පාතාල කල්ලි නායකයකු බව කියන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ ඇයි සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීමක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් එම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 75,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම සැකකරු අදාළ අපරාධයට සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් මොහු ඇප මත මුදාහරින බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ කියා සිටියේය.