WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

2025 May 01- Page Views : 1187

ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකුය.

ඔහු මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් වී ඇති බවද සඳහන් වේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් ගාල්ල උණවටුන මැටරඹ ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරු කළමණාකරු වශයෙන් සේවය කරන හෝටලය පවත්වාගෙන යාමට අවශ්‍ය 2025 වසර සඳහා වූ වෙළෙඳ බලපත්‍රය ලබාදීමේ කටයුතු සිදුකිරීම වෙනුවෙන් රුපියල් 25,000/-ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමට පැමිණිලිකරු විසින් කරන ලද පැමිණිල්ල අනුව ඊයේ (30) අදාළ පැමිණිලිකරුගේ හෝටල් කාමරයක් තුළදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.