කටුනායකින් පෝලන්තයට පනින්න හැදූ දෙදෙනෙක් CID භාරයට
2025 May 01- Page Views : 1187
ව්‍යාජ පෝලන්ත වීසාවන් සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් ව්‍යාජ පෝලන්ත වීසාවන් සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් කටාර් හරහා පෝලන්තයට විදේශගත වීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 38 වයස්වල පසුවන දෙමෝදර හා බෙලිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද වන අද (01) දින මීගමුව ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.