දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ
2025 May 01- Page Views : 1187
කම්කරු දින මැයි පෙළපාලියකදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දිවි පිදු හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සමරුම් වැඩසටහනක් අද (01) පැවැත්විණි.
ඒ කොළඹ අලුත්කඩේ උසාවිය අසලදීය.
ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පාර්ලිමෙින්තු මන්ත්‍රීවරැ සහ සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධ වූහ.
එක්සත් ජාතික පක්ෂය විසින් 1993 වසරේ මැයි මස 01 වැනි දින පැවැත්වූ මැයි දින පෙළපාලියකට එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාද එක්වී සිටි අතර එම පෙළපාලිය කොළඹ ආමර්වීදිය වෙත පැමිණි අවස්ථාවේදී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා එළෙස ඝාතනය වී මේ වන විට වසර 32ක් ගතවන අතර ඒ මහතා සිහි කරමින් අද මෙම සැමරුම් වැඩසටහන පැවැත්වුණි.