පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 May 02- Page Views : 1187
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි ලීටර් තිස් තුන් දහස් හත්සියයක් පෙරීමේ උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රක්වාන කියයි.
එම සැකකරුවන් ගොඩකවෙල මස්ඉමුල පංසල්දෙනිය හා රක්වාන දික්යාය යන යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවත් එම සැකකරුවන් 38 හා 46 යන වයස් වල පසුවන්නෝ වෙති.
එම සැකකරුවන් සමග පොලිස් බාරයට ගත් පෙරීමේ උපකරණ අතර විශාල ප්‍රමාණයේ ගෑස් ලිප් දෙකක්. ගෝඩා පිරවූ ප්ලාස්ටික් හා යකඩ බැරැල් පහක්ත, තඹ දගර දෙකක් ඇති අතර රක්වාන පොලිසියට පෞද්ගලික ඔත්තුකරුවකු ලබාදුන් තොරතුරකට අනුව මෙහෙයුම සිදු කළ බව පොලිසිය සදහන් කරයි.