යතුරුපැදි අනතුරින් සිසුවා මරුට
2025 May 02- Page Views : 1187
කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
කුඩාවැල්ල වාලුකාරාමය ඉදිරිපිට සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ දකුණු කුඩාවැල්ල පදිංචි මුතුමාලගේ ආදිත්‍ය නමැති නාකුලුගමුව මහ විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ඔහු තව මසකින් පමණ විදෙස් අධ්‍යාපනය ලැබීමට එක්සත් රාජධානිය බලා යාමට සූදානම්ව සිටි බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය .
සිසුවාගේ පියා බහුදින ධීවර යාත්‍රා හිමියෙකි. මාපියන් සහ සොහොයුරියන් දෙදෙනා අසල නිවසක උත්සවයකට ගොස් සිටියදී මෙම සසුවා ඔහුට අයත් යතුරුපැදියේ නැගී කුඩාවැල්ලේ සිට මාවැල්ල දෙසට ගොස් ඇතැයි පොලිසිය කීවේය .
යතුරුපැදියේ අධික වේගය පාලනය කරගත නොහැකිව සිසුවා මාර්ගය මැද ඇදවැටී හිසට බරපතළ තුවාල සිදුවී ඇතැයිද පොලිසිය කිවේය .