WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාලදිවයින් ජනපතිගෙන් වාර්තාගත මාධ්‍ය හමුවක්

2025 May 04- Page Views : 31

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වාර්තාගත පැය 15ක මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.

ඒ අනුව දීර්ඝතම මාධ්‍ය හමුව පැවැත් වූ රාජ්‍ය නායකයා ලෙස යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් මීට පෙර තබන ලද වාර්තාව මාලදිවයින් ජනාධිපතිවරයා විසින් බිඳහෙලා ඇති බව එරට ජනාධිපති කාර්යාලය පවසයි.

ඊයේ (3) දිනයට යෙදි තිබු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට සමගාමීව මොහොමඩ් මුයිසු මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බව සඳහන්.

එරට වේලාවෙන් ඊයේ පෙරවරු 10.00ට ආරම්භ කර ඇති ජනාධිපතිවරයාගේ මාධ්‍ය හමුව මධ්‍යම රාත්‍රිය ද පසුකර යමින් පැය 14යි මිනිත්තු 54ක කාලයක් පැවැත්වූ බව මාලදිවයින් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී පැය 14ක මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට පෙර බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් තැබූ පැය 07ක වාර්තාව බිඳ හෙළනු ලැබීය.