WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිරිපා කරුණා කරන්න ගිය දෙදරු මව රතු පාලමෙන් ඇදවැටී මරුට

2025 May 05- Page Views : 1187

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි 'රතු පාළම' නැමති ස්ථානය අසලදී ඇද වැටී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස, වල්පිට සිට පැමිණි 47 හැවිරිදි දෙදරු මවකි.

බරපතළ තුවාල ලබා සිටි මෙම කාන්තාව නල්ලතන්නිය පොලීසියේ හා මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් කඩිනමින් නල්ලතන්නිය වෙත රැගෙන විත්, නල්ලතන්නිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ගිලන් රථයෙන් ගෙන ගොස් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරු පැවසූහ.

මියගිය කාන්තාව සැමියා, දරුවන් සහ ගමේ පිරිසක් සමග වන්දනා බසයකින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර, ඊයේ (04) ශ්‍රී පාද වන්දනාව සිදුකර නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණදී ඇත.

මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලීසිය පවත්වයි.