මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 May 05- Page Views : 1187
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇතැම් බංගලාවල වහල දොර ජනෙල් දිරාපත්ව කැඩී බිඳී ගොස් ඇති බවද එම ආරංචි මාර්ග කීවේය.
මන්ත්‍රී බංගලා ලෙස පාවිච්චි කෙරෙන්නේ පැරණි නිවාස හේතුවෙන් මේ තත්වය උදා වී තිබෙන බව මන්ත්‍රීවරු පිරිසක් පැවසුහ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට නොයෙක් වර දැනුම් දී ඇතැයිද ඔවුහු ප්‍රකාශ කළහ.
එසේම මේවායේ ප්‍රමාණවත් පහසුකම් නැතැයිද සඳහන් කරති.
මේ පිළිබඳව අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලට පැමිණිමට පෙර එම නිවාස යම් ප්‍රමාණයකට ප්‍රතිසංස්කරණය කළ බවයි.
තවත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට තිබෙන නමුත් ආර්ථික ගැටලු හේතුවෙන් ඒවාට ලොකු මුදලක් වෙන් කිරීමට නොහැකි වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.