WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න

2025 May 06- Page Views : 1187

පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී  ඡන්දය ප්‍රකාශ කිරීමට  පෙර   සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට   විවිධ හැඳුනුම්පත් සහ  ලේඛන දහයකට මැතිවරණ කොමිෂන් සභාව අවසරදී ඇත.

මේ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන පැරණි හෝ නව  ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රජයේ විශ්‍රාමිකයන්ට නිකුත් කර ඇති හැඳුනුම්පත, වැඩිහිටි හැදුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව  පූජක සහ පූජ්‍ය පක්ෂයට නිකුත් කර ඇති හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම් පත නිකුත් කිරීමට පෙර  දෙන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව ආබාධිතයන්ට  දෙන තාවකාලික හැඳුනුම්පත, කිසිම හැඳුනුම්පතක් හෝ ලේඛනයක් නොමැති අයට මැතිවරණ කොමිෂන් සභාව ලබාදෙන තාවකාලික හැඳුනුම්පත සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෑතකදී නිකුත් කළ ඡායාරූපය සහිත හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා ඉදිරිපත් කිරීමට වලංගු වන  එම   ලේඛන දහය වේ.

කාර්යාල විසින් නිකුත් කෙරෙන  හැඳුනුම්පත් සහ  හැදුනුම්පත් ලබා ගැනීමට ඉදිරිපත් කරන ඉල්ලුම් පත්‍රවල පිටපත් ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.