විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
2025 May 07- Page Views : 1187
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි.
මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.