පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
2025 May 08- Page Views : 1187
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තුව රැස්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, හෙට දිනයේදීත් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත අතර පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමට නියමිතය.
මේ අතර හෙට දිනයේ දී පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා 06ක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයින්, හිටපු රාජ්‍ය නායකයින් සහ එම වැන්දඹුවන් බුක්ති විදින වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරනු ලබන සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබාදීමට අදාළ යෝජනාව ඇතුළු යෝජනා 6ක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.