WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක්

2025 May 08- Page Views : 1187

එළඹෙන වෙසක් සහ පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

දන්සල් යනු ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්ප්‍රදායකි.

විශේෂයෙන් වෙසක්, පොසොන් සහ අනෙකුත් ආගමික හා සංස්කෘතික උත්සව වලදී දන්සල් දක්නට ලැබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ මේ දිනවල බොහෝ අය නොමසුරුව සියලු පුද්ගලයන්ට නොමිලේ ආහාර පාන පිරිනැමීම සඳහා දන්සල් කුටි ඉදිකරමින් සිටින බවයි.

මෙම ප්‍රජා සේවය පුළුල් ලෙස අගය කරනු ලැබුවද, එය මහජන සෞඛ්‍ය අභියෝග ද ඇති කිරීමට ද හේතු විය හැකි බව සඳහන් වනවා.

එබැවින් දන්සල් ක්‍රියාත්මක කිරීම ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ වී ඇති අතර, ප්‍රධාන වශයෙන් නුසුදුසු ආහාර සැකසීමේ ක්‍රම, නුසුදුසු ගබඩා කිරීම සහ සනීපාරක්ෂක පිළිවෙත් නොමැතිකම ඒ සඳහා හේතු විය හැකියි.

වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසා, නිසි ආහාර සනීපාරක්ෂක පිළිවෙත් සහතික කිරීම මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබෙනවා.

එබැවින් දන්සලක් සංවිධානය කිරීමේදී මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතුය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.