WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තානයේ ලාහෝර් හි පිපිරීම් කිහිපයක්

2025 May 08- Page Views : 32

අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීම් වාර්තා වී ඇත්තේ වෝල්ටන් ගුවන්තොටුපොළ අසල ගෝපාල් නගර් සහ නසීරාබාද් ප්‍රදේශවලය.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව නිවෙස්වලින් පලායන ආකාරය සහ ඒ අවට දුමින් පිරී ගොස් ඇති ආකාරය වාර්තා වී ඇති බවය.

මූලික වාර්තාවලට අනුව, පකිස්තාන ගුවන් හමුදාවේ (PAF) පුහුණු අභ්‍යාසයක් අතරතුර මෙම පිපිරීම් සිදුවී ඇති අතර ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් තවමත් ලැබී නොමැති බව සඳහන් වේ.

පිපිරීම් සිදුව ඇත්තේ පකිස්තාන නාවික හමුදා යුද විද්‍යාලයට ආසන්නව සහ ලාහෝර්හි ජනප්‍රිය මොඩල් ටවුන් උද්‍යානය අසල පිහිටි ඉහළ පෙළේ ප්‍රදේශයක බව වාර්තා වේ.