WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාස හතරට ඝාතන 29ක්

2025 May 09- Page Views : 1187

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ  වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින්  29 ක් ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

ඉකුත් 4 , හා 5 දිනයන්වලදී මීටියාගොඩදී සහ ගල්කිස්සේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනයට ලක් විය

මෙම වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් වලින් පුද්ගලයන් 23 කු තුවාල ලබා ඇතැයිද ,වෙඩි තැබීම්වලට සම්බන්ධධ පුද්ගලයන් 94 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන්කරයි